ශලනි තාරකාලා ගියේ ක්‍රීඩකයින් දිරිගන්වන්න – ඒත් සල්ලි දුන්නේ නෑ – ශම්මි කට අරී

මේ දිනවල කතා බහට ලක්වන ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි යන සිද්ධිය ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අද (25) පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ශම්මි සිල්වා එසේ පැවසීය.

තව ද එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති නමුත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට අදාල නළු නිළියන් සහභාගි වූ අතර එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණෙන බවත් සභාපතිවරයා කීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *