වෛද්‍ය නිළධාරීන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි .

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් පත්කිරීමට අදාලව අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත . ඒ අනුව පසුගිය වසරේ ජූලි මස 04 වැනි දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා මෙම අයදුම්පත් කැඳවන බව අමාත්‍යාංශය නිවේදනය කරයි .

වන පත්වීම් සඳහා අයදුම්පත් බාරගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, එය එළැඹෙන අප්‍රේල් මස 04 වැනි දින දහවල් 12.00 ට අවසන් වීමට නියමිතය .

මෙම වලංගු කාලසීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද අමාත්‍යාංශය සඳහන් කරයි . අතර නියමිත අවසන් දිනයට පෙර අයදුම්පත් ඉදිරිපත් නොකරන අයදුම්කරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කිසිදු වගකීමක් භාර නොගන්නා බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි .