ජාතික වෙසක් සතිය අද (02) දිනයේ සිට ලබන 08 වන දින දක්වා ක්රියාත්මක වීමට නියමිතය.
එමෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, අද දිනයේ සිට වෙසක් සතියට සමගාමීව දාන, ශීල, භාවනාවලට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති බවයි.
මෙවර රාජ්ය වෙසක් උත්සවය මැයි මස 4 වනදා හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්රී රතනසිරි පිරිවෙනේ පැවැත්වීමට නියමිතය.