වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට තීරණය කල බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කර ඇත්තේ එසේ පැය 48ක් තුළ විසඳුම් ලබාදීමට නොහැකි වුවහොත් 26 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට තීරණය කරනා බවයි.
මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, ප්‍රමාණවත් කාලයක් තුළ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීම සඳහා අදාළ තොරතුරු සහ යෝජනා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුතු පාර්ශවයන් වෙත යොමු කළ ද, ඒවා අවධානයට ලක් කර නැති බවත්, එම නිසා වත්මන් අර්බුදය පැන නැගී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
පහත පලවෙන්නේ එම නිවේදනයයි .
