විෂ සහිත ‘ගොන්මහ-ගල් මාළු’ ගාල්ල අවට මුහුදේ

මෝසම් කාලගුණය වෙනස් වීමත් සමඟ මේ දිනවල මුහුදු ප්‍රදේශවල ‘ගොන්මහ-ගල් මාළු’ නමැති උග්‍ර විෂ සහිත මත්ස්‍ය විශේෂය සැරිසැරීමේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව පරපෝෂිත විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් පවසයි.

මෙම මත්ස්‍ය විශේෂය අධික විෂ සහිත වුවද මුහුදේ සිටින මිනිසුන්ට හෝ කිසිදු ජීවියෙකුට පහර නොදෙන බව ඔහු මාධ්‍ය වෙත පැවසීය. මෙම මත්ස්‍යයා කොරල්පර ආශ්‍රිතව වාර්තා වන විශේෂයකි.

කෙසේ වෙතත් මෙම මසුන් අත්වැරදීමකින් හෝ පෑගීම හී ස්පර්ශවීමෙන් කිහිප දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් කර ඇතිබව වාර්තා වෙයි.

මෙම ගල් මාළුවා ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදේ සැරිසැරූ බවත් අභිජනන කටයුතු සඳහා වෙරළ ආසන්නයට පැමිණෙන බව වෛද්‍ ජනක රූබන් පැවසීය.

මුහුදේදී මෙම මත්ස්‍යයාගේ දෂ්ට කිරීම්වලට ලක් වුවහොත් වහාම මුහුදෙන් ගොඩට පැමිණ කඩිනමින් පියවර ගෙන ප්‍රතිකාර සඳහා රෝහලට යායුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම මාළුවා මරා නොදමන ලෙසත් මුහුදේ දිය නෑමට හෝ වෙරළ තීරයේ පාවහන් නොමැතිව ඇවිදීමෙන් වළකින ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *