දිවයිනේ කීර්තිමත්ම මෝටර් රථ තරඟාවලියක් වන වළව සුපර්ක්‍රොස් තරඟාවලියේ 10 වැනි අදියර වසර පහක විරාමයකින් පසුව ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 ලෙසින් නැවත කරළියට පිවිසීම පසුගියදා සෙවණගල ක්‍රාෆ්ට්ස්මන් ධාවන පථෙය්දී 50,000 කට ප්‍රෙක්ෂකයින් පිරිසක් මධ්‍යයේ අති සාර්ථකව සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සන්නාමයක් සහ අංක එකේ රථ වාහන රීෆිනිෂ් නිෂ්පාදනය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වූ වළවේ සුපර්ක්‍රොස් 2025 මෝටර් තරඟාවලියේදී, මෝටර් කාර් සහ මෝටර් සයිකල් යන ප්‍රධාන අංශ දෙක යටතේ, තරඟ ඉසව් 21 ක් ක්‍රියාත්මක කෙරිණි. වසර 10 කට අධික කාලයක් පුරා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන, මෙරට සුපිරිතම මෝටර් රථ ධාවකයෙක් වන අශාන් සිල්වා SL-GT 3500 ප්‍රධාන ඉසව්ව ජයග්‍රහණය කරමින් තවදුරටත් මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට සමත් වීම තරඟාවලියේ විශේෂත්වයක් විය.

ආසියාවේ කීර්තිමත්ම සහ දැවැන්තම තීන්ත නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් සමූහයේ සාමාජිකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමගාම, සිය මව් සමූහය විසින් වසර 80 කට අධික කාලයක් පුරා රටවල් 15 කට අධික ප්‍රමාණයක ලබා ඇති පර්යේෂණ හා සංවර්ධන දැනුම සහ අත්දැකීම්, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිෂ්පාදන විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවේ තීන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයට ගෙන එන නූතන සමාගමකි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් කාණ්ඩ ගණනාවක් යටතේ තීන්ත නිෂ්පාදන පරාස රැසක් වෙළඳපොළට ඉදිරිපත් කරන අතර එයින් ඔටෝ කාණ්ඩයට අයත් ප්‍රධානතම නිෂ්පාදනයක් වන රීෆිනිෂ් ආලේපනය, එහි කල්පැවත්ම, අනර්ඝ නිමාව සහ තාක්ෂණික විශිෂ්ටත්වය නිසා මෙරට ගරාජ්, වාහන සේවා ආයතන හිමියන්, කාර්මිකයින් සහ වෙනත් වෘත්තිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන ඇති නිෂ්පාදනයකි.
ඒෂියන් පේන්ට්ස් කොස්වේ වළව සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය කලකට පසුව සෙවණගලට උද්වේගය, ජවය සහ සැණකෙලි සිරියක් ගෙන ආ ඓතිහාසික මොහොතක් සනිටුහන් කළ අතරම සහයෝගීතාවය, නොපසුබස්නා උත්සාහය සහ කැපවීම තුළින් අත්පත් කරගත හැකි සාර්ථකත්වය පිළිබඳව සංකේතාත්මක ඉසව්වක් වශයෙන්ද ඉතිහාසගත විය. මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරඟාවලියකට නැවත පණ ලබා දෙමින් ඉටු කළ කාර්යභාරය පිළිබඳව ආඩම්බරයට පත්වෙන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම, ඉදිරියටත් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මේ ආකාරයේ ව්‍යාපෘති රැසකට සවිය දැක්වීමට දැනටමත් ඉදිරිපත් වී සිටී.