විපක්ෂ මත බොරු කරමින් GSP + සහනය තවත් වසර 4 කින් දීර්ඝ කරයි.

යුරෝපා සංගමය මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP + තීරුබදු සහනය තවත් වසර 4 කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇතිබ්ව වාර්තා වේ. ඒ අනුව 2027 දෙසැම්බර් 31 වනදා දක්වා මෙම සහනය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවය Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරන්නේ. GSP + තීරුබදු සහනය මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබුණි.

ගාළු මුවදොර අරගලය මර්ධනය කිරීම, විරෝධතාවයන් විසුරවා හැරිමට හමුදා පොලිස් බලය යෙදවීම, අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම වැනි කරුණු මත ශ්‍රී ලංකාවට GSP + සහනය අහිමිවනු ඇතැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ඊට හිතවත් මාධ්‍ය ගෙන ගිය ප්‍රචාරයන් මේ සමගම බිඳ වැටි ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *