විනය ගැන දැනුම් දෙන්න අජිත් රෝහණ පොලිස්පති හමුවේ

පොලිස් නිලධාරීන්ගේ විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී තිබෙනවා.

මෙය සකසා ඇත්තේ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගිනුයි.