විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ 35 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිලි 08 ක් පිළිබඳ විමර්ශනය සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඔහු රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් වංචා කර ඇති බව අනාවරණ වී තිබේන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.