විදේශ අමාත්‍ය අලි සබ්රි සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර විශේෂ සාකච්ඡාවක් දකුණු කොරියාවේදී පවත්වා තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වන සංවත්සරයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි අවස්ථාවේදී මෙම හමු පැවැත්වූ බව වාර්තා වේ.
ඔවුන් දෙපළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා තවත් දියුණුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද සඳහන් වේ.