විදුලි ගාස්තුව වැඩිකරනවාද නැද්ද තීරණය මෙම මස අගදී .

මෙම වසර සඳහා වන තෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සදහා පැවති සැසිවාරවලදී පුද්ගලයින් 500 දෙනෙකු පමණ අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත .

විදුලි ගාස්තු සංශෝදනයට අදාලව මහජන උපයෝගීතා කොමිසම විසින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගැනීම පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය .

එහි අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (08) දිනයේදී පැවැත්විනි .

ලබාගන්නා ලද සියළුම මහජන අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ, සිය අවසාන තීරණය මහජන උපයෝගීතා කොමිසම මේ මස ආගදි ප්‍රකාශයට පත්කරනු ඇත .

6.8% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇත.