විදුලියට පෙර ගොවිතැනට වතුර දිය යුතුයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් අන්ත අසරණව සිටින ජනතාවගේ ජල බිල්පත ද ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණය, ඔවුන් පිළිබඳ ‘සත පහක හැඟීමක් නොමැතිව’ ගනු ලැබූවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි . දැනටමත් තම බිල්පත් ගෙවාගත නොහැකිවීම හේතුවෙන් ජල පරිභෝගික පවුල් ලක්ෂයක පමණ ජල සබඳතා කප්පාදු කර ඇති බවත් “ජල බිල්පත” මෙසේ ඉහළ දැමීමෙන් පසු ඒ තත්ත්වය බොහෝ සෙයින් ඉහළ යනු ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව “ජල බිල්පත 50%කින් පමණ ඉහළ දැමීම” පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය .

වාරි ජලය මුදාහැරීමේදී ගොවි ජනතාවට මෙහිදී ප්‍රමුඛතාව ලබා දිය යුතුය බවත්, නොඑසේනම් ලයිට් දමාගෙන බඩගින්නේ සිටිය හැකිබවත් ඔහු අවධාරණය කළේය.

”යුක්රේන යුද්ධය නිසා තිරිඟු පිටි නැව් කළු මුහුද හරහා සිදු කරන ප්‍රවාහන කටයුතු බිඳ වැටීම හේතුවෙන් අනාගතයේ දී ලෝකයේ උග්‍ර තිරිගු පිටි හිඟයක් ඇති වෙනවා. ඒ නිසා අද ඉන්දියාව සහල් අපනයනය කිරීම නතර කර තිබෙනවා. “ආහාර අර්බුදයක් ඇති වෙයි” කියන බිය ලොව පුරා පැතිර යන මොහොතක අපේ රටේ කෘෂිකර්මාන්තයට, විශේෂයෙන් වී ගොවිතැනට අවශ්‍ය වතුර ටික ලබා දීම සිදු කළ යුතුමයි. ” ඔහු පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *