විදුලිබල මණ්ඩල සාකච්චාවේදී වෘතීය සමිති නායකයෙකුට පහර දෙයි .

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී අද (13) පස්වරුවේ පැවැති සාකච්ඡාව අතරතුරදී වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙක් ඉවත්කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

එහිදී විදුලිබල අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක අංශය ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත මදුකුමාර සහ ලේකම් සමින්ද මාදුගොඩ ගමගේ සාකච්ඡාවෙන් ඉවත් කළ අතර විදුලිබල අමාත්‍යංශයේ ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනෙක් සමින්ද මාදුගොඩ ගමගේ ඉහළ මහලේ සිට ඇදගෙන ගොස් එළියට දැමූ ආකාරය දැකගත හැකිවිය.

එහිදී පොරබැදීමෙන් තුවාල ලැබූ යැයි කී චමින්ද ගමගේ මහතා 1990 ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගියේය.

දෙපාර්ශවය අතර සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදී සමින්ද ගමගේ මහතා කිසියම් ලිපියක් අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයාට ද එම තනතුර දැරිය නොහැකි යැයි පවසමින් විරෝධ පළකිරීමත් සමඟ ඔහු සහ සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස අමාත්‍යවරයා දැන්වීමෙන් පසුව ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් ඉවත්කිරීමට කටයුතු කර තිබේ.