විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
අද පෙරවරුවේ 10.30 සිට පස්වරු 5.00 දක්වා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ බලශක්ති අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කරනු ලැබුවා.
ඒ අනුව එම පනත අද දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ.