විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විදේශ ගතව සිටින කාලයේදී ඔහුට නොදන්වා ලේකම්වරයා ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන්හට වසරක සේවා දිගුවක් ලබාදී තිබේ.
එහෙත් දිවයිනට පැමිණි පසු ඒ බව දැන ගත් බලශක්ති අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම අවලංගුකර තිබේ. අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව එවැනි සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.