නුවරඑළිය නගරයේ අශ්වයන් සහ පෝනියන් 20 කට ආසන්න ප්‍රමාණයක් පැවති අයහපත් කාලගුණය නිසා මියගොස් ඇති බව වාර්තා වේ. ගංවතුර හා අධික සීතල නිසා මෙම මරණ සිදුව ඇත .
ඊට අමතරව දැනට ඉතිරිව සිටිනා පෝනියන් සහ අශ්වයන්ටත් ප්‍රමාණවත් සත්ව ආහාර නොමැති බව එම සතුන්ගේ හිමිකරුවෝ පවසති . බොහෝ සතුන්ට සතියකට වැඩි කාලයක් සත්ත්ව ආහාර ලැබී නොමැති අතර ඒ වෙනුවට තණකොළ පමණක් අනුභව කිරීමට ඉඩ දීම නිසා පෝෂණ ගැටළු මතු වී ඇත.
අශ්වයන් 35 දෙනෙකු හිමි හසංග ජයරත්න පැවසුවේ නුවරඑළිය තුරඟ තරඟ පිටිය සහ අශ්ව ගාලට සතුන්ගේ බෙල්ල දක්වා ජලය පැමිණි බවයි.
“වෙළඹන් සහ පැටවුන් ඉහළ මට්ටම්වල පිහිටි අශ්ව ගාල්වල තබා සිටියා. අශ්ව ගාල් බලාගන්න පිරිස සහ පශු වෛද්‍යවරුන් සතුන්ට රැකවරණය සහ ඖෂධ ලබා දීමට කටයුතු කර තිබුණා. ඒත් සත්ව ආහාර විනාශ වී ගසාගෙන ගොස් තිබුණා; ඒ නිසා අපට නුවරඑළියට ආහාර යැවීමට සිදු වුණා.” ඔහු පැවසීය.
තමන්ගේම අශ්ව ගාල් නොමැති පෝනි හිමිකරුවන් සතුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ සලසයි. එමනිසා අධික වර්ෂාව අතරතුර ඔවුන්ට ගංවතුරෙන් බේරී ආහාර සොයා ගැනීමට ඉඩ සැලසීය. ඇතැම් සතුන් දියේ ගිලී මිය ගොස් තිබූ නමුත්, නිදහසේ සැරිසැරූ පෝනි විශාල සංඛ්‍යාවක් බේරා ගෙන තිබිණි.