වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට පොලිස් ආරක්ෂව ලබා නොදීම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල සිය අදාහ්ස් දක්වයි .
ඝාතනය කරනා ලද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටියද ඔහු ලියාපදිංචි අපරාධකරුවෙක් (IRC) නිසා එම ආරක්ෂාව ලබා දීමට හැකියාවක් නොතිබුන බව අමාත්‍යවරයා පැවසීය.
යම් පුද්ගලයෙක් පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටියහොත් එය ලබාදෙන ක්‍රමවේදයක් පවතින බවත්, එම ඉල්ලීම කමිටුවකට යොමුකර එහි නිර්දේශ මත එකී ආරක්ෂාව ලබාදීම සාමාන්‍ය පිළිවෙත බවත් අමාත්‍යවරයා පවසයි . එහෙත් පාතාලයට සම්බන්ද විමර්ෂණ සහ නඩු පවතින අපරාධ කරුවෙකුට ආරක්ෂාව ලබාදීමට පොලිසියට නොහැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.