කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බස්නාහිර පළාතේ-දකුණ තැපැල් කාර්යාල 13ක්
රථවාහන වැරදි වලට අදාල දඩ ගෙවීම සඳහා දවසේ පැය 24 පුරාම විවෘතව පවතින බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි. මෙම නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක වෙයි.
කොම්පඤ්ඤවීදිය, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බොරැල්ල, කොටහේන, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර සහ සීතාවකපුර වැනි ස්ථාන ඇතුළු නිශ්චිත තැපැල් කාර්යාල ගණනාවක් සතියේ දින 7 ම පැය 24 පුරා දඩ මුදල් භාර ගැනීමට විවෘතව තබනු ඇත.