ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගෙන යන්නේ රාජ්‍ය යාන්ත්‍රණය බවත් ඒ නිසා මූලික වශයෙන්ම රාජ්‍ය යාන්ත්රණයට ශක්තිමත් වැටුප් වැඩි කිරීමකට කටයුතු කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
වසර විස්ස තිහ පැරණි වාහන සමඟ රාජ්‍ය සේවයක් දුවන්න බැරි බවත් එනිසා දැනට ගෙන්වීමට තීරණය කර ඇති වාහන 1700 සියලුම වාහන ගෙන්වන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ 27 පස්වරුවේ අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.