වසර 23ක් පැරණි වාර්තා අලුත් කළ කාලිංග කුමාර

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමින් කාලිංග කුමාරගේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් අලුත් කිරීමට ඊයේ (29) සමත්වුණි.

එහිදී තත්පර 45.07කින් තරගය නිම කළ කාලිංග කුමාරගේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් වසර 23ක් පැරණි රොහාන් ප්‍රදීප් කුමාර විසින් පිහිටුවා තිබූ එම ඉසව්වේ තරග වාර්තාව බිඳ හෙළිමට මෙලෙස සමත්විය.

සුගත් තිලකරත්නගෙන් පසු මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වේගවත්ම කාලය ලෙසද මෙය වාර්තා අතරට එක්වුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *