කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සමග අත් හිටවන ලද ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුවැන්ෂු නගරය දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කර තිබේ.
ඒ අනුව යළි ගුවන් ගමන් ආරම්භ කරමින් මගීන් 176 දෙනෙකු රැගත් ඉන්ඩිගෝ පුද්ගලික ගුවන් සේවයේ යානයක් ඊයේ ගුවැන්ෂූ බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ. මෙමගින් ඉන්දියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව දෙරටේ බලධාරීන් ප්‍රකාශ කර ඇත.