වලව නිම්නයේ වතුර ප්‍රශ්ණය නිසා ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙන්නට සූදානම්

ගොවිතැනට ජලය සැපයීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් පළ කළ අදහස හේතුවෙන් තමනට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ජනාධිපතිවරයා පවසන්නේ නම් තමන් ඊට සූදානම් බවත් ක්‍රීඩා, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යා රොෂාන් රණසිංහ පැවසිය.

ජලය පලමුව අවශ්ය වන්නේ බීමට බවත්, දෙවනුව ගොවිතැන් සඳහා බවත් තුන්වනුව වෙනත් කටයුතු සඳහා බවද පැවසූ ඔහු ගොවියා මහමගට බැස්සොත් විශාල ප්‍රශ්නයක් ඇති වන බවද කියා සිටියේය.

නියගය හේතුවෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන්නේ නම් එය කල්තබා කළ යුතුබවත්, වතුර නිකුත් නොකර අස්වැන්නත් විනාස කිරීමෙන් පසුව විදුලිය මිලදී ගැනිම තේරුමක් නැත්බව ඔහු පැවසීය.

පළමුව ගොවියාට වතුර දිය යුතුය යන ස්ථාවරය තමන් කිසි ලෙසකින් වෙනස් නොකරන බවත් එය වෙනස් කර ආණ්ඩුව විනාශ වෙනවා දැකීමට ද තමන් අකමැති බවද හෙතෙම පැවසීය. මේ අතර ජලය ඉල්ලා රැලියකින් පැමිණි වලව නිම්නයේ ගොවීන් කණ්ඩායමක් බැටන් පහර දී පලවා හරින්නට පොලිසිය සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *