වගා ළිඳක තිබී දෙහැවිරිදි සිඟිතියකගේ සිරුරක් හමුවෙයි

කොකාවැව දුටුවැව ප්‍රදේශයේ වගා ළිඳක තිබී අවුරුදු දෙකක දැරියකගේ සිරුරක් හමුවී තිබේ.

ඊයේ (17) සවස් කාලයේ මවක් සහ ඇගේ කුඩා දැරිය දියේ ගිලීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවට ලද තොරතුරක් මත කොකාවැව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් දැරිය මියගොස් ඇති අතර දැරියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.මියගොස් ඇත්තේ අවුරුදු 02 මාස 05ක් පමණ වන දුටුවැව ප්‍රදේශයේ කුඩා දැරියකි.

පසුව සිදුකරන ලද විමර්ශනවලදී දුටුවැව ප්‍රදේශයේ වගා ළිඳක් තුළ මියගිය දැරියගේ සිරුර පාවෙමින් තිබී ඇති බවත්, 31 හැවිරිදි ඇගේ මව එම ළිඳෙහි තිබූ ලණුවක ආධාරයෙන් එල්ලී සිටියදී දෙදෙනාම ගොඩට ගෙන ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

දැරියගේ මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොකාවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *