ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය වේ.

සෑම වසරකම සැප්තැම්බර් 15 වනදාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ මෙවර ශ්‍රී ලාංකික තේමාව වී ඇත්තේ “මතු පරපුර බලගැන්වීම” යි.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමාලෝචනකය යෙදීමට අවකාශ සැලකෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය සියලු දෙනාට සියලු තැන්හිදී යථාර්තයක් බවට පත් කර අත්විදීමට හැකිවනු ඇති.කෙසේවෙතත් ලොව පුරා ඇතැම් ආණ්ඩු සහ එහි බලය හොබවන්නන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට බාධා පමුණුවනු දැකිය හැකි ය.

ශ්‍රී ලංකාව 1931 සිටම ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංගයක් වන ඡන්ද ක්‍රමයෙන් සිය පාලකයින් තෝරා පත් කර ගන්නා රටකි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණය අතර මෙරට සමාජය තුළ මේ වනවිට විවාදාපන්න තත්වයක් මතුව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙවුණු කාලය තුළ සුවිශේෂි වැඩ කොටසක් ඉටු කළ බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *