ලෝක පරිසර දිනය අද (05) දිනට යෙදී තිබේ. 2023 වර්ෂය සඳහා “ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය පිටු දකිමු” යන තේමාව යටතේ පරිසර දිනය සැමරීමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් කටයුතු සුදානම් කර ඇත.
මෙරට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ මුලිකත්වයෙන් ජගත් පරිසර දින ජාතික සැමරුම අද( 05 වන දින ) පෙ.ව 9.00 ට පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
එමෙන්ම, මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත කර ඉවතල ප්ලාස්ටික් වර්ග 4ක් තහනම් කිරීම තුළින් ප්ලාස්ටික් නැණවත් භාවිතයකට හුරු කිරීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කිරීම මඟින් පරිසර දිනය සැමරීමට නියමිතය. ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද උදෑසන සිට දහවල් 2 දක්වා පැවැත්වෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ ප්‍රකාශ කර සිටියේය.
පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනූව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර ඇත.