ලෝක කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ඉන්දීය පිලට ඩොලර් මිලියන ගනනින් තෑගි

ඉතිහාසයේ මුල්වරට ඉන්දියාවට ලෝක කාන්තා එක්දින ස්ගූරතාවය දිනා දුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අති දැවැන්ත ත්‍යාගයක් ලබාදීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත .

ලෝක ශූරියන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබාදෙන ඩොලර් මිලියන 4.48 ක ත්‍යාග මුදලට අමතරව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වීසින් තවත් රුපියල් කෝටි 51 ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලබදෙන ඒ මුදල කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හා සහය කාර්යය මණ්ඩලය අතර බෙදී යාමට නියමිතය .

මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේ දී, ඊයේ පැවති අවසාන මහ අතරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 52 කින් පරාජය කිරීමට ඉදීය පිල සමත් විය . ඒ ඉතිහසයේ මුල්වරට කාන්තා ක්‍රිකට් ශූරතාවය ඉන්දියාවට හිමිකර දෙමිනි .