ලෝක උරුම ලයිස්තුවෙන් නකල්ස් ඉවතට.

ලෝක උරුම නකල්ස් රක්ෂිත වනාන්තරයේ පාරිසරික සංවේදී කළාපය හරහා අධි බලැති විදුලි පද්ධතියක් ඉදිකිරීමට ගෙන අති තීරණය නිසා නකල්ස් වනාන්තරය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කිරිමේ අවදානමක් මතුව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පරිසර කමිටුවේ දී මේ බව පෙන්වා දී ඇත. රත්තොට මැද්දවත්ත ප්‍රදේශයේ සිට රිවස්ටන් හරහා කිලෝමීටර් තුනකට ආසන්න දුරක් ඇදීමට තීරණය කර ඇති අතර එය සිදුකළ හොත් මේ හරහා පරිසර පද්ධතියට හානියක් සිදුවන බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඊට විකල්පයක් ලෙස භූගතව විදුලිය රැහැන් ඇදීමට කටයුතු කළ හැකි බවත් ඒ සඳහා වැය වන මුදල් හරිත දේශගුණ අරමුදල මගින් ලබාගත හැකි බවත් පරිසරවේදී පෙන්වා දී තිබේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *