ආසියාව බිහිකළ විශිෂ්ටතම කායවර්ධන ශිල්පියෙකු වන මැලේසියානු ජාතික DATUK WIRA GAN TIAN LOO සිහිවීම පිණිස ප්‍රධානය කරනු ලබන, ”ලෝකයේ දක්ෂතම කායවර්ධන මස්පිඩු ප්‍රදර්ශකයා” (Best poser) සම්මානය ශ්‍රීලංකාවේ Nimal Wanni දිනා ගන්නා ලදී.

කායවර්ධන ක්‍රීඩක DATUK WIRA GAN TIAN LOO MR. UNIVERSE, MR ASIA, MR. MALAYSIA මෙන්ම FATHER OF BODYBUILDING IN MALAYSIA ලෙසද හඳුන්වයි.
ඉන්දුනීසියාවේ බතම් හී පැවැති 16 වන WBPF ලෝක ශූරතා කායවර්ධන සහ පීසික්ස් ක්‍රීඩා තරඟාවලියේදී මෙම සම්මානය සඳහා රටවල් 50 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 350 කට අධික තරඟකරුවන් පිරිසක් තරගවදිනා ලදි . ශ්‍රි ලාංකික ක්‍රීඩක නිමල් වන්නි ඒ අතරින් පළමු ස්ථානය දිනාගත් අතර එය ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර කාය වර්ධන ඉසව්වකදී දක්වනලද ඉහළම දක්ෂතාවය වෙයි . එමෙන්ම එහි මාස්ටර් අංශයට තරග වැදුන නිමල් වන්නි එහි 5 වන ස්ථානයද දිනා ගන්නා ලදී.
56 හැවිරිදි නිමල් වන්නි ශ්‍රීලංකාව බිහිකළ අති විශිශ්ට කායවර්ධන ක්‍රීඩකයෙක් වන අතර ශ්‍රී ලංකා නාමය ලොව පුරා ගෙන ගිය ක්‍රීඩකයෙකි. පසුගිය වසරේ ලෝක ශූරතා කායවර්ධන සහ පිසිකස් ස්පෝර්ට් තරගාවලියේ මාස්ටර් තරග අංශයේ රිදී පදක්කම ඔහු විසින් දිනාගන්නා ලද අතර, එහිදී ඔහු කළ Robo මාංශ පේශී ප්‍රදර්ශනය ලොව පුරා මේ වන විට ලක්ෂ 200 කට අධික පිරිසක් නරඹා ඇත.