ලුණුවිල හෙලිකොප්ටරය ගිං ඔයට වැටුනේ පාලම උඩ සිටි මිනිසුන් බේරන්නට යාම නිසා.

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරට හේතුව කාර්මික දෝෂයක් හැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පැවසීය.

එම ස්ථනායේ වූ පාලම මත සිටි මිනිසුන් බේරීම සඳහා හෙලිකොප්ටරය ගිං ඔයට පහත්කිරීමට නියමුවා ගත් උත්සහයෙදී ලක්වූ හෙලිකොප්ටරය අනතුරට පත්වී නියමුවාගේ මරණය සිදුවන්නට ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසීය .

මෙම අනතුරින් මියගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වසර 20කටත් වඩා සේවා කාලයක් ඇති, ගුවන් පියාසර පැය 3000කට වඩා පියාසර කළ දක්ෂ ගුවන් නියමුවෙකි.

ඔහු වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට ගුවන් යානය පදවාගෙන ගියේ එම ස්ථානයේ විපතට පත්වී සිටි ජනතාවට ගුවනේ සිට ආහාර ලබාදී තවත් ස්ථානයකට යෑමට වුවත්, හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා ඔහු එහි රැස්ව සිටි ජනතාවටත් හානියක් නොවන පරිදි බෙල් 212 හෙලිකොප්ටර් යානය ආරක්ෂිත ස්ථානය වන ගිං ඔයට පහත් කිරීමට ගොස් අනතුරට පත්වීමෙන් ඔහුගේ ජීවිතය අහිමි වෙන්නට ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය .

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උසස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් 09 දෙනකුගෙන් යුත් කමිටුවක් ගුවන් හමුදාපතිවරයා විසින් පත්කර තිබෙන බවද හෙතෙම පැවසීය.

වෙන්නප්පුව ජෝසප්වාස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වන ගුවන් වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වෙන්නප්පුව, කිරිමැටියාන තුලාවල පදිංචිකරුවෙකි .

කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා කටයුතු පිළිබඳ Master of Arts in International Relations, International Relations and Affairs උපාධිධරයකු වූ නිර්මාල් තම වැඩිදුර අධ්‍යාපනය සඳහා London Metropolitan University ඇතුළත් වී Master of Science උපාධිය හදාරනු ලැබුවේ Aviation/ Airway Management and Operation යන අංශ පිළිබඳවය. ඉන් පසුව නිර්මාල් එම සරසවියේම MSc උපාධිය ද සම්පූර්ණ කර ඇත.