ලියෝ XIV පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ආරාධනාවක් .

ශ්‍රී ලංකාව සහ වතිකාන් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සනිටුහන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන්නැයි ශුද්ධෝත්තම ලියෝ XIV පාප් වහන්සේට ආරාධනාවක් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

නොවැම්බර් 8 වන දින ශ්‍රී ලංකාවේ පස් දින සංචාරයක් අවසන් කළ වතිකානුවේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා ලේකම් අතිගරු අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්නේ නිල සංචාරය අතරතුර මෙම ආරාධනය ඉදිරිපත් කළ බව පැවසේ .