ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක්ව මාලිගාවත්තේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් ටිකට්පත් ලබාදීම වැනි කටයුතුවලින් මෙම පිරිසට උදවු කළ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.
ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකයින් , යුදෙව්වන් සහ කිතුනුවන් මෙම ත්‍රස්තයින් පිරිසගේ ඉලක්ක වී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.