වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය .
වත්මන් ආණ්ඩුව දේශපලනඥයන්ගේ ආරක්ෂාව ඉවත්කිරීම නිසා විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගේ ජීවිත අනාරක්ෂිත වී තිබෙන බව ඔහු පෙන්වාදෙයි .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ස.ජ.බ මහ ලෙකම් වරයා මෙසේ පැවසීය.
“මේ රටේ දේශපාලඥයන්ට ආරක්ෂාව ගන්න වුණේ 88/89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් නිසා. ඒ කාලේ පාර්ලිමේන්තුවටත් බෝම්බ ගැහුවා. එළියෙත් වෙඩිතියලා මැරුවා. අද ඒ වාතාවරණය නැවත ඇතිවෙලා. තැන් තැන්වල මනුෂ්‍ය ඝාතන වෙඩිතැබීම් වෙනවා. වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා දේශපාලන බිල්ලක් ද කියා බැලිය යුතු යි.
අපේ පක්ෂයෙ ඡන්දයෙන් තේරී පත්වූ සභාපතිවරයාගේ කාර්යාලයටම ඇවිත් වෙඩිතබලා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන පක්ෂයක් නියෝජනය කළ අයෙක්. මේ ප්‍රාදේශීය සභාවේ ඡන්දේ තියද්දිත් නොයෙක් කලබල ඇතිවුණා. මැර කල්ලි ඔහු සභාපතිවීම වැළැක්වීමට උත්සහ කළා. මන්ත්‍රීවරු අතුරුදහන් වුණා. ඇතුලේ ගහගත්තා. දෙතුන් සීයක් සෙනග ගෙනාවා. එවැනි වාතාවරණයක් යටතේ තමයි සභාපතිවරයාට වෙඩි තබා ඇත්තේ. ඔහුගේ ඝාතනයේ වගකීම රජය භාරගත යුතු යි.”
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.