ව්යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන නිසියාකාරව සිදු නොවූ බවට සැකයක් ඇත්නම් ඒ පිළිබදව ජාතික පොළිස් කොමිසමට හෝ පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා ගෝල්ඩන් කී තැම්පත්කරුවකුට ඊයේ (24) දැනුම් දී තිබෙනවා.
ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන නිසි පරිදි ඉටු වී නොමැති බවට පවසමින් ගෝල්ඩන් කී තැන්පත්කරුවකු වන ජුඩ් මාකෝ පෙරේරා යන අය අධිකරණයට මෝසමක් මඟින් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු මහේස්ත්රාත්වරයා මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.
ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් වන තීන්දුව ලබාදී අවසන් බවත් ඒ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් ඕනෑම අයකුට එම තීන්දුවට එරෙහිව මහාධිකරණය හමුවේ ප්රතිශෝධන ඉල්ලීමක් කළ හැකි බවත් මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
මැයි මස 31 වැනිදා අධිකරණය තීන්දු කළේ කොතලාවල මහතාගේ මරණය හෘදයාබාධයක් නිසා සිදු වූවක් බවටයි.
අධිකරණයට භාර දෙනු ලැබු කොතලාවල මහතාගේ මරණ පරික්ෂණ වාර්තාව, රජයේ රස පරික්ෂක වාර්තාව සහ සාක්ෂිකරුවන්ගේ ලබා ගත් සාක්ෂි සැලකිල්ලට ගනිමින් කොතලාවල මහතාගේ මරණයට හේතුව පිළිබඳ තීන්දුව මහේස්ත්රාත්වරයා ප්රකාශයට පත් කර තිබෙනවා.