ලයිව් ඇවිත් ලොකු කතා කී විශ්ව බුද්ධ අත්තඩංගුවට

බුදු දහමටට අපහාස කරමින් හැසිරුණු චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශ්ව බුද්ධා හිමි යයි පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මෙසේ බුදු දහමට අපහස කලේ යයි චෝදනා එල්ල වී ඇත.

කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම චීවරධාරියා රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන 34 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් චීවරධාරියා වැඩිදුර ප‍්‍රශ්ණකිරීම්වලින් පසු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.