ලබන අවුරුද්දේ පාරිභෝගිකයා රිදවා ගොවියා සනසන්න ලාල් කාන්ත සැරසෙයි.

අදවන විට අල සහ ලූණු මිල සම්බන්ධයෙන් ඇතිව තිබෙනා පසුබෑම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවෙදී අදහස් දැක්වීය. එහිදී ඔහු පැවසූවේ ලබන අවුරුද්දේ ලූනු කිලෝවක් සඳහා රු. 150 ක ද අල කිලෝවක් සඳහා රු. 240ක ද අවම පාලන මිලක් නියම කරනා බවයි . ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පාරිභෝගික ජනතාව ද ලූනු කිලෝවක් රු. 200කට ද අල කිලෝවක් රු. 300කට ද මිලට ගැනීමට දැන් සිටම සූදානම් විය යුතු බව ඔහු අවධාරණය කළේය .

ශ්‍රි ලංකාවේ කෘෂිකර්මය කඩා වැටී තිබූ බවත්, එලෙස කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අද වන විට අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් පෙනෙන්නෙ නැවත ගොවිය වගා කටයුතු සඳහා පිවිස ඇති බවත්, ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය සාර්ථක ලෙස ප්‍රශ්ණයට මැදිහත් වී ඇති බවත් යයි ඔහු වැඩි දුරටත් පැවසීය .