ලක්ෂ දෙකක් අළුතින් බදු ගෙවන්නට ලියාපදිංචි වෙති .

මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු සඳහන් කළේ, එම කාලය තුළ නව සමාගම් 18,000ක් ලියාපදිංචි වී ඇති බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එකේවෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළාය.

“මේ වසර තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිය වසරට සාපේක්ෂව 18% වැඩි ආදායම් ඉලක්කයක් ලබාදීලා තිබුණා. ගිය සතිය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය රු ට්‍රිලියන 2 ක් ඉක්මවලා ආදායමක් ලබාගන්න. මේ අවස්ථාව වෙනකොට බිලියන 2,080ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාගෙන තියෙනවා.” ඇය පැවසූවාය .