ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ගැන නිකුත් කර ඇති ප්‍රමිති වාර්තා සැක සහිතයි .

ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ප්‍රමිති වාර්තා වන්ගේ විශ්වසනීයත්ව ප්‍රශ්න කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්තී තෙන්නකෝන් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත් කිහිපයක් යොමු කර ඇත.

‘Lakvijaya Power Station (LVPS) සහ ‘Lakvijaya Power Plant (LVPP) යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇත. එම ‍වාර්තාවන් හි වැරදි, අඩුපාඩු පවතින අතර සැක සංකා මතුව ඇති බවත්, බාහිර පාර්ශව මෙම වාර්තා මත පදනම්න සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම සිදු කරමින් සිටින බැවින් මෙම තොරතුරු වැදගත් වන වන බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

මේ ගැන අදහස් දකමින් ඔහු පවසූවේ මේ වන විට ගල් අඟුරු පිළිබඳ ප්‍රමිතිය පිළිබඳ ප්‍රසිද්ධ සාකච්ඡාව සිදුවෙමින් ඇත්තේ Lakvijaya Power Station (LVPS) හෝ/සහ ‘Lakvijaya Power Plant (LVPP) යන ලිපි ශිර්ෂ යටතේ නිකුත් කර ඇති ලේඛන මත පදනම්ව බවයි .

මෙයට අමතරව ලංකා ගල් අඟුරු සමාගම වෙත ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයක් සහිත ආයතන වෙතින් වාර්තා ලැබී ඇති නමුත්, එම වාර්තා මේ දක්වා රජය මගින් හෝ වෙනත් පාර්ශව මගින් හෝ ප්‍රසිද්ධියට පත්කර නැතිබව ඔහු පවසයි.

මෙම වාර්තාවන් හි අඩංගු කරුණු ‘වැරදි හා නිසි ප්‍රමිතියක් නොමැති නම්’ මේ පිළිබඳ විෂය මුලික එලදායී තක්සේරුවක් ලබා ගැනීමට හැකියාවක් නැති බවත්, ආණ්ඩුව සිය වැරදි සහ අඩුපාඩු වසා ගැනීමට උත්සහ කරමින් සිටිනා බවත් ඔහු සඳහන් කරයි . එසේ කරනා අතර තුර පසුගිය රජයන් ගේ අඩුපාඩු මතු කරමින් සමාජය නොමග යවනා තර්ක කරනා බවත්, විපක්ෂය ද හුදෙක් මෙම වාර්තා මත පදනම්ව, විධිමත් විමසීමකින් තොරව අදහස් දක්වන බවත් හ්ජිටපු ආණ්ඩුකාර රජිත් කීර්තී තෙන්න්කෝන් පෙන්වාදෙයි..

ගල් අඟුරු ආනයනය, මිලදී ගැනීමේ ක්‍රමවේදය සහ තත්වය පිළිබඳ ප්‍රශ්නය ජාතික වැදගත්කමක් සහිත බවත්, බලශක්ති අවශ්‍යතාව සපුරා ලීම රාජ්‍යයකට පැහැර හැර නොහැකි වගකීමක් බවත් පවසන ඔහු ඒ සඳහා පදනම් වන වාර්තාවන් හි නිරවද්‍යතාවය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කිරීම වැදගත් බව පවසයි .

ඒ අනූව ඔහු විසින් අදාල වාර්තාව නිකුත්කළ පර්යේෂනාගාරයේ තත්වය, ප්‍රමිතිය, සේවය කරන නිලධාරීන් සහ ඔවුන්ගේ සුදුසුකම්, වාර්තාවන්ගේ ඇති දත්ත සහ තොරතුරු පරස්පරතා සහ ඔවුන් සතු අධිකාරිමය බලය වැනි කරුණු පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ඇත.