ලංගම බස් වර්ජනයක්

අද (31) උදෑසන සිට ඩිපෝ කීපයකට ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පහරදීමක් මුල්කරගනිමින් මෙලෙස ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර ඇති අතර, දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් සේවකයින් මෙලෙස වර්ජනය සිදු කරයි.

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

හදිසි වර්ජනය හේතුවෙන් උදෑසන රාජකාරී කටයුතු සඳහා මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට පැමිණ සිටි මගීන් බොහෝ පිරිසක් මේ වනවිට මහත් අපහසුතාවයට පත්ව තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *