ලංකාව හා මාලදිවයින අවබෝධතා ගිවිසුමකට එක්වෙයි

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ඊයේ (07) දිනයේ දී අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේය.

ඒඅනුව, සෞඛ්‍ය සහයෝගීතාව, සංස්කෘතික සහයෝගීතාව සහ මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකාව – මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරය ඊයේ සහ පෙරේදා දිනවල විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වූ අතර ඊට සමගාමීව මෙම ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මෙම සැසිවාරය සඳහා මාලදිවයින නියෝජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් එක්ව සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *