ලංකාව තුළ ආගමික නිදහසට බාධා පවති – ඇමරිකාව කියයි

ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව “ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම” පවසයි.

එම මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවිය යුතු බව, 2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් එම කොමිසම පෙන්වා දෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හින්දු සහ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩවී ඇති බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙරට ඇතැම් ආගමික නායකයින් සිරගත කිරීමට ද කටයුතු කර ඇති බවත්, ඔවුන් සිය වාර්තාව මඟින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, චීනය, නයිජීරියාව, නිකරගුආව යන රටවල ද ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ආදාළ වාර්තාවේ සඳහන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *