ලංකාවට පොල් ත්‍රිකෝණ දෙකක් ලඟදීම

සැප්තැම්බර් 02 වනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ලංකාව තුළ, තවත් පොල් ත්‍රිකෝණයක් නම් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් මත දෙවනි පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කිරීමට නියමිතය.

ඒ බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *