රෝගී වු දරුවාට ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව කියමින් මව බියගන්වා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන වංචා කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියම කළේය.
මෙම සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව කියමින් පමුණුගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 22 වැනිදා අධිකරණයට දැනුම් දීමටද පමුණුගම පොලිසියට නියයම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගිරාඳුරුකෝට්ටේ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි මධුශංක ඒකනායක නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළේය.
කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යයන්තර විදුහලක අධ්‍යපනය ලබන දැරියකගේ මවක කළ පැමිණීල්ලකට අනුව කළ මෙම සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කළ බව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පමුණුගම පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.