රොසැලේ නායයාම් තර්ජනයක් නිසා පවුල් 35 ක් ඉවතට .

රොසැල්ල ග්‍රාම නිලධාරි වශමේ මාණික්කවත්ත හා ඇබගල්ටි ප්‍රදේශවල නාය යාමේ තර්ජනයක් මත පවුල් 35ක පුද්ගලයන් 167 දෙනකු එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත . එලෙස ඉවත්කළ පුද්ගලයන් මේවන විට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රදවා තැබිමට පියවර ගෙන ඇතිබව වාර්තා වේ.

ඉකුත් 06 වන දින රාත්‍රියේ මෙම ප්‍රදේශවල නිවාස ඉරි තැලිමකට ලක් විමත් සමග එම නිවාස හිමියන් මේ බව දැනුම් දිමෙන් පසුව මාණික්වත්ත ප්‍රදේශයේ පවුල් 22ක පුද්ගලයන් 109 දෙනකු හා ඇබගල්ටි ප්‍රදේශයේ පවුල් 13ක පුද්ගලයන් 58 දෙනකු ඉවත් කිරිමට පියවර ගත් බවත් එම පිරිස් අග්‍රාඔය විදුහලේ හා බිංඔය විදුහලේ ස්ථාපිත කර ඇති සුරක්ෂිත මධ්‍යස්ථානවල රදවා ඇති බවත එකී වසම් බාර ග්‍රාම නිළධාරී එස්. සුරේෂ් පැවසීය.