රොෂාන්ගේ ගැසට් හරීන් අකුලයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද 2023 ජූලි 28 දිනැති අංක 2342/48 දරන අති විශේෂ ගැසට් පත්‍රය වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අවලංගු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කරාටේ සම්මේලනයේ සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ අතුරු කමිටු, බලතල, කාර්යයන් සහ රාජකාරි විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ද අවලංගු කර තිබෙනවා.

ඒ අනුව ජාතික ක්‍රීඩා සංගම්වල හෝ සම්මේලනවල ව්‍යවස්ථාව අනුව පසුගිය නිලවරණවලින් තේරී පත් වූ නිලධාරීන් ඔවුන්ගේ නීත්‍යානුකූල නිල කාලය අවසන් වී නව නිලවරණයක් පවත්වන තුරු එම තතුරු දැරිය හැක.