ගංවතුර සහ නාය යාමේ ආපදාවෙන් විපතට පත් පුද්ගයින් සදහා ලබාදීම සදහා ජාතික රූපවාහිනිය විසින් එකතු කළ ආධාර, රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකයෙක්ගේ මැදිහත්වීම මත වංචා සහගතව රැගෙන ගොස් ඇතිබව වාර්තා වේ .
අපාදාවෙන් විපතට පත් පුද්ගයින් සඳහා ලබාදීම සදහා ජාතික රූපවාහිනියේ මැදිහත්වීම මත ආධාර එක් රැස් කර තිබුණි. එසේ එක් රැස් කර තිබූ ආධාර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම් අනුව නිදහස් කිරීමට ආධාර එක් කළ රූපවාහිනියේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.
මේ අතර අඟහරුවාදා දිනයේදී සිංහ සමාජයට අයත් බව කියන කැබ් රථයක් රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණ ඇත්තේ ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයින් සදහා ආධාර බෙදාදීමට අදාල ආධාර රැගෙන යාමටය. දිස්ත්‍රික් ලේකම්වරයෙක්ගෙන් ගත් ලිපියක් වෙනුවට ප්‍රාදේශීය ලේකම්වරයෙක්ගෙන් ගත් බව කියන ලිපියක් සිංහ සමාජයට අයත් බව කියන කැබ් රථයෙන් පැමිණි පිරිස ඉදිරිපත් කර තිබේ.
කෙසේ හෝ රූපවාහිනියේ කාර්යමණ්ඩලය අදාල ලිපිය ගැන සැක සිතී වැඩි දුර තොරතුරු විමසා ඇත. ඒ වන විටත් කැබ් රථයේ බාගයක් පමණ පිරෙන්නට ආධාර පටවා තිබේ.
මෙම ආධාර රැගෙන යාමට පැමිණි පුද්ගලයින් පිළිබද සැකයක් ඇතිවී වැඩිදුර තොරතුරු විමසන විට රූපවාහිනියේ සේවය කරන ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් එයට මැදිහත්වී ඇත. අදාල ලිපිය පිළිගෙන ආධාර වාහනය පිරෙන්නම පැටවිය යුතු බව ඔහු පවසා ඇත.
එයට ආයතනයේ කාර්යමණ්ඩලයේ විරෝධතාවය එල්ලවූ විට අදාල නිෂ්පාදකවරයාද කැබ් රථයට නැග, පටවා තිබූ ආධාර තොගය එතැනින් රැගෙන ගොස් තිබූ බව රූපවාහිනි සංස්ථාවේ කාර්ය මණ්ඩලය සඳහන් කරයි
මෙසේ ආධාර රැගෙන යාම වංචනික ලෙස අදාල නිෂ්පාදකවරයාගේ මැදිහත්වීම මත සිදුවූ බවට රූපවාහිනී කාර්ය මණ්ඩලය සැක පළ කර සිටී.
මෙම නිෂ්පාදකවරයා ජාතික ජන බලවේගයට සහාය ලබාදෙන අයෙක් බවටද ආයතනික කාර්ය මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.