රුසියාවේ ලූනා 25 සහ ඉන්දියාවේ චන්ද්‍රයාන් තරඟයට සඳ තරණයේ…

අගෝස්තු මස 11 වන දින රුසියාවේ වොස්ටෝච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කෙරුණු ලූනා 25 යානය සඳේ කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇති බව වාර්තා වේ.

1976 වසරෙන් පසු සඳේ කක්ෂයට ඇතුළු වූ පළමු රුසියානු යානය මෙය බවත්, රුසියාව මෙලෙස සඳ ගමනක යෙදී සිටින්නේ, ඉන්දියාව ද චන්ද්‍රයාන් 3 සඳ තරණ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ළඟා වෙමින් සිටින පසුබිමකය.

ලූනා 25 යානය සඳේ කක්ෂයට ඇතුළු වීමට දින කිහිපයකට පෙර, චන්ද්‍රයානය සඳේ කක්ෂයට ඇතුළු වුව ද එය සඳ මත ගොඩ බෑමට නියමිත ව ඇත්තේ, අගෝස්තු 23 හෝ 24 වනදායි.

ලූනා 25 යානය එළැඹෙන 21 වන සඳුදා සඳේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බෑමට නියමිතව තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *