රිමාන්ඩ් කළ ජොනී ලෙඩවෙයි . පුතාලා දෙන්නාත් සමග බන්ධනාගාර රෝහලේ.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලද හිටපු අමා­ත්‍ය­ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් දෙදෙනා මේ වන විට මහර බන්ධ­නා­ගා­රයේ බන්ධ­නා­ගාර රෝහලේ රඳවා ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග පවසයි .

හිටලු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනාට නිවසින් ආහාර ලබාදීමට කළ ඉල්ලීමටද අවසර ලැබී ඇතිබව වාර්ත වේ.

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවා­නන්දාද මහර බන්ධනාගාරයේ රෝහලේ රඳවා ඇති අතර ඔහු සිර­ක­රු­වන් වෙත ලබා­දෙන සාමාන්‍ය ආහා­ර­වේල රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ දිනයේ සිටම ලබාගනී .