රාජ්‍ය ආයතන පහක ලාභය භාණ්ඩාගාරයට බාර දෙයි

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත භාරදී තිබේ.

අද (07) දින පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට මෙම ලාභාංශය නිල වශයෙන් භාර දී ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් මෙලෙස භාරදුන් බව සඳහන්ය.