හිටපු සංචාරක රාජ්ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්ර හැඳුනුම්පත් ඇතුළු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබෙන බව වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් නීතිපතිවරයා මුණගැසී ඇය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳවද සාකච්ඡා කර ඇති බව එම වාර්තා මගින් සඳහන් කෙරුණා.