රමණී රජපක්ෂගේ නිර්මල්‍යා තුන් ඈඳුතු නව කථාව නිකුත් වෙයි.

මෑතකදී අප අතරින් වෙන්වුණු රමණි රාජපක්ෂ ලේඛිකාව විසින් රචිත ඇයගේ අවසාන කෘතිය “නිර්මාල්‍යා” නවකතාව වෙළඳ පොළට නිකුත්වී තිබේ. ”නිර්මල්‍යා” ඇය විසින් මීට ඉහතදී ප්‍රකාශයට පත්කළ “හඳුනාගත්තොත් මා” නවකතාවද ඇතුලුව එහි දෙවන සහ තුන්වන කොටස් අඩංගු කර නිමවුනු කතා ත්‍රිත්වයකි.

නිර්මාල්‍යා යනු වලව්වක තුන්වෙනි දරුවා වශයෙන් ඉපදී සිය දෙමවුපියන් හා සහෝදර සහෝදරියන්ගේ අවමානයට රැවුම් ගෙරවුම් වලට ලක් වෙමින් ධෛර්යවන්තව තනිවම දුක් ගැහැට විඳගනිමින් ජීවිතයට මුහුණ දී එය සාර්ථක කරගැනීමට වෙර දරන තරුණියකගේ කතා පුවතයි.

වැදූ මව සිටියදී ඇයව බලා ගන්නා , හදා ගන්නා සීතම්මා නම් කාන්තාව නිසා ඇය සමාජයේ අභියෝග වලට මුහුණ දෙන අයුරුත් මෙහි මනාවට ඉස්මතු වෙයි. වලව් තුළ සැඟවී ඇති රහස් මෙන්ම අද සමාජයේ අඩුපාඩු විවිධ පැතිකඩ තුළින විනිවිද පෙන්වමින් කොටස් තුනකි පුරා විහිදී යන තුන් ඈඳුතු නවකතාවකි.

නිර්මල්‍යා තුන් ඈඳුතු නවකථාව සැප්තැම්බර් මස කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හෙළදිව ප්‍රකාශකයන්වෙතින් ශාලා අංක K හි 324 සහ 325 කුටි වලින් ද දිවයිනේ සියලු පොත් වෙළඳසැල් වලින්ද වට්ටම් සහිතව ලබා ගත හැක. ( මෙම කෘතිය අලවියෙන් ලැබෙනා මුදල් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් පිහිටවා ඇති අරමුදලකට බැර කෙරේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *